top of page

මධ්‍යම පාන්තික  ජනතා පක්ෂය යනු, සමස්ථ ශ්‍රී ලංකාවේම ජීවත් වන  මැද පන්තිය නියෝජනය කරන දේශපාලන පක්ෂයකි. අපි ජාතිය, ආගම, කුලය නොසලකා අපේ ජාතිකත්වය පමණක් සලකා රටක් හැටියට ඉදිරියට යාම පමණක් මුලික අරමුණ කරගෙන මෙම පක්ෂය ගොඩනගා ඇත. ලොව වටිනාම නිල් මැණික් ඇති පොළොවක් හිමි අපි, රට වට කර මත්ස්‍ය සම්පතක් ඇති මුහුදක් හිමි අපි, මහා ගංගාවන් හතරක් හතර කොනෙන් ගලා යන සශ්‍රික කෘෂි කාර්මික උරුමයකින් පොහොසත් රටක් ඇති අපි, වසර දෙදහසකට වඩා පැරණි සංස්කෘතික වටිනාකමක්  ඇති අපි, තවමත් අන් රටවලින් ණයට ගෙන ඔවුන්ගේ අතකොලු වෙමින් ජීවත් වෙනවාද? එසේ නැතිනම් එයින් මිදී, දියුණු රටක පුරවැසියන් ලෙස ලෝකය ඉදිරියේ අභිමානවත් ලෙස ජීවත් වෙනවාද? එසේ ජීවත් වීමේ අයිතිය ඔබෙන් ඉපදෙන ඔබේ දරුවාට ලබා දෙනවාද?  මේ ගැන සිතන්න, අපි වටා එක් වන්න,සාකච්ජා කරන්න, තීරණ ගන්න, වැඩ කරන්න-රට හදන්න දැන් කාලයඑළෙඹ ඇති බව අප ඔබට පුන පුනා කියන්නෙමු.  

අපි උපතින්ම ශ්‍රී ලාංකික පුරවැසියන් වූ බැවින්, අපි කරන කියන සියලු දේ සිදු වන්නේ අපගේ ජාතිකත්වය පදනම් කරගෙනය. එබැවින් අපි ජාතියක් වශයෙන් ඉදිරියට නොගියහොත්, අපිට සිදු වන්නේ ලෝකය ඉදිරියේ දුප්පත් රටක් ලෙස හංවඩු ගැසී සිටීමටය. එසේම අපි, අපේ රට කලින් කලට පාලනය කරන දේශපාලකයන්ගේ ගොදුරු බවට පත්ව සිටිති. මේදෙය වහා තේරුම් ගෙන පක්ෂ,පාට,භේද,නොසලකා අපි ගෙන යන මෙම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට ඔබගේ දායකත්වය අපිට ලබා දෙන්න. ඔබ අප සමග එක් වීමෙන්, ඔබගේ දෛනික ජීවිතයේ පැන නගින බොහෝ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇත. ඒ මන්ද යත්, අපි හැදෙමු යන තේමාව යටතේ පළමුවෙන්ම මම හැදෙමි යන අධිෂ්ඨානය ඔබ සිත තුල වර්ධනය කර ගත යුතුය. එමගින් ඔබත් දිනා රටත් දිනවිය හැකිය. 

අවශ්‍යතාවයන් තුන සම්පුර්ණ කර ගැනීම සඳහා කොතරම් වෙහෙසක් දරනවා ඇතිද? එසේම මෙම මුලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඔබට මෙතරම් වෙහෙසක් දැරීමට සිදු වන්නේ, අපේ රට ඍණ ආර්ථිකයක ඇති නිසා බව ඔබ දන්නවාද? එසේනම් ඔබ මේ ගැන නොසිතා සිටීමෙන් සිදු වන්නේ, ඔබගේ මෙම අසීරුතාවය එන්න එන්නම වැඩි වෙනවා මිස අඩු වීම නොවේ. මේ සුන්දර සහ වාසනාවන්ත දිවයිනේ වටිනා කම දැන දැනත්, සමහර විට ඔබ වෙනත් දියුණු රටක පදිංචියට යාමට සිතයි, එසේ නොමැතිනම් ඔබගේ ආදරණීය බිරිඳ වෙනත් රටක වහල් සේවයට යැවීමට සිතයි. නමුත් ඔබට එයින් මෙම ප්‍රශ්නයට හරි විසඳුමක් නොලැබෙන අතර ඔබ මෙම මහා ව්‍යයසනයට හවුල් කාරයෙක් වෙනු ඇත.එබැවින් ජාති,ආගම්,කුල,කාන්තා,පුරුෂ යන භේද නොසලකා එක කණ්ඩායමක් ලෙසින් මෙම ව්‍යයසනයට මුහුණ දෙමු, පිළියම් සොයමු, ජය ගනිමු. එයයි අපේ අරමුණ

"මා පිය පුතු ගොවි පදනම" මගින් ගෙන ගිය ගොවි පවුල් නගා සිටුවීමේ වැඩ පිළිවෙල දියත් කිරීමේදී ලබාගත් ස්වකීය අත්දැකීම් මුල් කරගෙන,මධ්‍යම පාන්තික ජනතා පක්ෂය 2015 ක් වූ මාර්තු මස 25 වැනි දින මෙහි දැනට සිටින කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මුලිකත්වයෙන් බිහි විය. ඒ අනුව සෑම මාස හතරකට වරක්  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්  වූ අතර, සෑම අවුරුද්දකට වරක් මහා සභා රැස්වීම සිදු විය. 2019-03-25 වන දිනට මෙම පක්ෂයේ සාමාජික සාමාජිකයින් ගණන එක්දහස් දෙසීය පනස් දෙකක් වූ අතර දිනෙන් දින අප පක්ෂයේ දැක්ම තේරුම් ගන්නා මැද පන්තියේ ජනතාව අපිට එකතු වන්නට මැලි නොවෙති. ඔබ අපට සම්බන්ධ වීමේදී ඔබ විසින් කිසිදු සාමාජික ගාස්තුවක් හෝ වෙන යම් කිසිදු මුදලක් ගෙවීමට නොමැත. ඔබ කල යුත්තේ ඔබගේ අනන්‍යතාවය තහවුරු කර අපගේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව සාමාජිකත්වය ලබා ගැනීමය. එමගින් ඔබ MCPP පවුලේ සාමාජිකයෙකු වනු ඇත. 

අප පක්ෂයේ නිලධාරී මණ්ඩලය 

සුරංග හෙට්ටිආරච්චි මහතා 

පක්ෂ නායක

රසික බෝගහවෙල මහතා

 සභාපති 

 

අනුර බණ්ඩාර මහතා

ලේකම් 

කාංචන වීරසිංහ මහතා

භාණ්ඩාගාරික  

නිමේෂ් භාග්‍ය මහතා

ජාතික සංවිධායක  

මේනකා දිල්රුක්ෂි මහත්මිය  

උප සභාපති

නදීකා කනකරත්න මහත්මිය  

උප ලේකම් 

අනුෂා වෙත්තසිංහ මහත්මිය  

උප භාණ්ඩාගාරික 

අනුෂ්කා පෙරේරා මහත්මිය  

කාන්තා බල මණ්ඩල ප්‍රධාන සංවිධායිකා 

ටෙක්ලා ඩොරීන් මහත්මිය  
කාන්තා බල මණ්ඩල සම සංවිධායිකා

සන්ද්‍යා ජයසේකර මහත්මිය  ප්‍රධාන 

කාන්තා බල මණ්ඩල සභික

අප පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය 

සුරංගහෙට්ටිආරච්චි

වර්ෂ 1978 උපත ලැබූ සුරංග හෙට්ටිආරච්චි මහතා කළුතර විදුහලෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනය නිමකර තම වෘත්තිමය ජීවිතය ලෝකයේ විශාලතම ක්ෂේත්‍රයක් වන නැව් ගමනාගමන ක්ෂේත්‍රය තුලින් ආරම්භ කල අතර මෙමගින් ඔහුට රටවල් විශාල ප්‍රමාණයක සංචාරය කිරීමට අවස්ථාව උදාවිය. එමගින් ලෝකයේ පවතින විශාල රාජ්‍යයන් සමඟ කටයුතු කිරීමට අවස්ථා විශාල ප්‍රමාණයක් හමුවූ අතර එය ඔහු හට ලැබුණු විශාල භාග්‍යක් විය. මෙම සේවා පළපුරුද්ද පදනම් කර ගනිමින් තම සමාගමක් ස්ථාපිත කර වර්තමානයේදී අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් සේවය කරයි. සුරංග හෙට්ටිආරච්චි මහතා දරුවන් සතර දෙනෙකු මෙරටට දායාද කල ආදරණීය පියෙකි. මොහු සිංහල බෞද්ධාගමිකයෙකු වන අතර ඔහුගේ ස්ථීර පදිංචිය කළුතර මුංහේන ප්‍රදේශය වේ.

සන්ද්‍යා ජයසේකර

වර්ෂ 1976 උපත ලැබූ සන්ධ්‍යා ජයසේකර මහත්මිය තම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනය මාතර බෙරලපනාතර මහා විද්‍යාලයෙන් නිම කරන ලද අතර තම වෘත්තීය ජීවිතය සඳහා වර්තමානයේ ඉතාමත් ප්‍රචලිත ක්ෂේත්‍රයක් වන රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තෝරාගෙන ඇත. මෙම ක්ෂේත්‍රයේ අධ්‍යාපනික සහ වෘත්තීය පුහුණු කටයුතු වල වර්ෂ ගණනාවක් නියැලීමෙන් අනතුරුව රූපලාවණ්‍ය සම්බන්දව ජාත්‍යන්තර වෘත්තීය පුහුණු පාඨමාලාවක්ද හදාරා ඇත. මෙලෙස ලබාගත් පන්නරය තුළින් තම රූපලාවණ්‍ය ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ඇති අතර වර්තමානයේදී තම පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරියක් ලෙස සේවය කරනු ඇත. එමෙන්ම මහනුවර ප්‍රදේශය තුල රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය සේවා සපයනු ලබන සමාගමක් ලෙස නම් දරා ඇත. සන්ධ්‍යා ජයසේකර මහත්මිය සිංහල, බෞද්ධාගමික, දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ පදිංචිව සිටියි.

චරිත් සාරංග

කුලියාපිටිය මාදම්පේ පාරේ පිහිටි සාරංග හෝල්ඩින්ස් පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂක තනතුර දරන චරිත් සාරංග මහතා, කුලියාපිටිය ධර්මරාජ මහා විද්‍යාලයෙන් අ.පො.ස.සාමන්‍ය පෙළ අධ්‍යාපනය නිම කර  විදෙස් රටවල් කීපයකම කාර්මික අංශයේ සේවය කර ඇති අතර ජාත්‍යන්තරයෙන් ලබාගත් පන්නරය සහ පළපුරුද්ද මත සිය ව්‍යාපාරය ඉතා සාර්ථකව කරගෙන යයි. දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකු වන මොහු සිංහල කතෝලිකයෙකු වන අතර මොහු 1982 වසරේදී උපත ලබා ඇත. 

ටෙක්ලා ඩොරීන්

හලාවත කාර්මෙල්  කන්‍යාරාමයෙන් මුලික අධ්‍යාපනය සහ අ.පො.ස.සාමන්‍ය පෙළ අධ්‍යාපනය නිමා කර ඇති ටෙක්ලා ඩොරීන් මහත්මිය 1977 වසරේදී උපත ලබා ඇත.පාසැල් අධ්‍යාපනයෙන් පසුව රූපලාවන්‍ය  ශිල්පය හදාරා එම  ක්ෂේත්‍රයේ තම ව්‍යපාරික කටයුතු අරඹා සමාජයේ සියලුම පාන්තිකයන් සමග වැඩ කිරීම තුලින් ලබා ගත් හසල දැනුම් සම්භාරය මුල් කරගනිමින් වර්තමානයේදී බෙවර්ලි ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමෙහි අධ්‍යක්ෂක වරියක්  ලෙස තම ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබයි.එමෙන්ම විවාහක කුල කාන්තාවක් වන ඇය පුතුන් දෙදෙනෙකුගේ සහ එක් දියණියකගේ ආදරණීය මවකි. මීගමුව නගරයෙහි පදිංචිව සිටිනා ඇය සිංහල රෝමානු කතෝලික භක්තිකයෙකු වන අතර ඇය ජීවත් වන ප්‍රදේශයේ කාන්තා සංවිධාන කීපයකම තනතුරු රැසක් හොබවයි. 

අනුර බණ්ඩාර

1975 වසරේදී උපත ලබා ඇති අනුර සමන්ත බණ්ඩාර මහතා විවාහක එක් දරු පියෙකි. ඔහු මාතලේ විජය මහා විද්‍යාලයෙන් අ.පො.ස.සාමාන්‍ය පෙළ හදාරා ඉන්පසුව විවිධ ව්‍යාපාර වල නියැලෙමින් සිට, පසුව  මහනුවර  සන්රයිස්  සමුහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කර වර්තමානය වන විට ඔහුගේම ව්‍යාපාරයක කළමනාකාර අධ්‍යක්ෂක ලෙස සේවය කරයි. සිංහල බෞද්ධයෙකු වන මේ මහතා දැනට මහනුවර නගරයේ පදිංචිව සිටින අතර 'මධ්‍යම පාන්තික ජනතා පක්ෂයේ ' ජාතික සංවිධායක ලෙස කටයුතු කරයි. 

නිමේෂ් භාග්‍ය ජයසූරිය

වර්ෂ 1996 උපත ලැබූ නිමේෂ් භාග්‍ය ජයසූරිය මහතා මාතලේ දිස්ත්‍රක්කයේ තම අධ්‍යාපන දිවිය ආරම්භ කරන ලද අතර අ.පො.ස (උසස් පෙළ) දක්වා තම අධ්‍යාපනය මාතලේ ක්‍රිස්තු දේව ජාතික පාසලෙහි සෙවන යට හදාරන ලදී.තම උසස් අධ්‍යාපනය නිම කරන නිමේෂ් ජයසූරිය මහතා තම ව්ර්තීය 
කටයුතු ආරම්භ කිරීම සදහා ජාත්‍යන්තර හෝටල් පාසලක් වෙත ඇතුල්වන අතර එම සියලුම පාඨමාලා සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව රැකියාව ආරම්භ කිරීම සදහා විදෙස් ගතවන ලදී.වසර ගණනාවක් මුළුල්ලේම ඔහු විසින් ලබාගන්නා ලද ජාත්‍යන්තර අත්දැකීම් සමුහයත් සමග වර්තමානයේදී දේශීය සමාගමක අධ්‍යක්ෂක වරයෙකු ලෙස කටයුතු කරනු ඇත.නිමේෂ් ජයසූරිය මහතා සිංහල බෞද්ධාගමිකයෙකු වන අතර වර්තමානයේදී මහනුවර ප්‍රදේශයේ පදිංච්ව සිටී   

රසික බෝගහවෙල 

වර්ෂ 1977 උපත ලබා ඇති රසික බෝගහවෙල මහතා තම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනය ගලහ බද්‍රාවතී මහා විද්‍යාලයෙන් විදුහලෙන් හදාරා ඇති අතර තම වෘත්තීය ජීවිතය රක්ෂණ ක්ෂෙත්‍රයෙන් ආරම්භ කරන ලදී. මෙම ක්ෂේත්‍රය තුල නියැලීමෙන් විශාල අත්දැකීම් රාශියක් ඔහු සතු අතර එම ලබාගත් වෘත්තිමය පළපුරුද්ද උපයෝගී කර ගනිමින් වර්තමානයේදී වර්තමානයේදී සමාගම් අධ්‍යක්ෂකවරයෙකු ලෙසද සේවය කරනු ඇත. රසික බෝගහවෙල මහතා සිංහල බෞද්ධාගමිකයෙකු වන අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන අතර වර්තමානයේදී ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටී.

නදීකා කනකරත්න

1982 වසරේදී උපත ලැබූ නදීකා කනකරත්න මහත්මිය ඉහල හරස්ගම මාතලේ පදිංචි කාරියක වන අතර ඇය මාතලේ ශ්‍රී සංඝ මිත්තා බාලිකා විද්‍යාලයෙන් අ.පො.ස.සාමන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනය නිමා කර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා අංශයෙ ආර්ථික විද්‍යා විශයවේදී උපාධිය පළමුපෙළ සාමාර්ථයක්ද සහිතව සම්පුර්ණ කර රාජ්‍ය සේවයේ වසර ගණනක් සේවය කර වර්තමානයේදී සමාගම් අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරයි. ඇය සිංහල බෞද්ධ වන අතර දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවකි. 

මේනකා දිල්රුක්ෂි 

1982 වසරේදී උපත ලැබූ මේනකා දිල්රුක්ෂි මහත්මිය මාතලේ,රත්තොට පදිංචි කාරියක වන අතර ඇය මාතලේ ශ්‍රී සංඝ මිත්තා බාලිකා විද්‍යාලයෙන් අ.පො.ස.සාමන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනය නිමා කර,ප්‍රදාන රාජ්‍ය නොවන සංවිධායක වසර ගණනාවක් සේවය කර ඇති අතර,තම සේවා කාලය තුල මාතලේ දිස්ත්‍රික්කය තුල ජීවත්වන  දුගී දුප්පත් ජනතාවගේ ගැටළු නිරාකරණය කරමින් වසර ගණනාවක් තම සේවය ලබා දී ඇති අතර වර්තමානයේදී සමාගම් අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරයි. ඇය සිංහල බෞද්ධ වන අතර දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවකි. 

කාංචන වීරසිංහ

මහනුවර ජෝජ් ඊ ද සිල්වා මාවතෙහි පිහිටා  ඇති භාග්‍යා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂක වන කාංචන වීරසිංහ මහතා  මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ වානිජ්‍ය අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය නිමා කර ඇති අතර,වෙළෙද කළමනාකරණය පිලිබදව බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකි.එසේම වෙළෙද කළමණාකරුවෙකු ලෙස ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක වසර ගණනාවක් සේවය කර ඇති මේ මහතා දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි. කාංචන වීරසිංහ මහතා මහනුවර නගරයෙහි පදිංචිව සිටින අතර ඔහු සිංහල බෞද්ධයෙකි. 

අනුෂ්කා පෙරේරා 

අනුෂ්කා ප්‍රසිලා පෙරේරා මහත්මිය මාතලේ ශාන්ත තෝමස් බාලිකා විදුහලෙන් අ.පො.ස.සාමාන්‍ය පෙළ අධ්‍යාපනය නිම කල කෙනෙකු වන අතර ඇය 1981 වසරේදී උපත ලබා ඇත. ඇය තම උපන් ගම වන මාතලේ නගරයේ පවත්වාගෙන යන පවුලේ ව්‍යාපාරයක කොටස් කාරියක වන අතර රූපලාවන්‍ය ශිල්පය ද මනා  ලෙස ප්‍රගුණ කර ඇති අතර තමා උගත් එම වටිනා ශිල්පය අන් කාන්තාවන්ට ද උගන්වමින් සිය සම වයසේ පසු වන මිතුරු මිතුරියන් හට ඔවුන්ගේ දෛනික ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා උදවු උපකාර වෙමින් මහත් සමාජ සේවයක් සලසන උතුම් කුල කාන්තාවකි. ඇය දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වන අතර සිංහල බෞද්ධ කාන්තාවකි.ඇය විවාහයෙන් පසුව මහනුවර නගරයෙහි පදිංචිව සිටිනා අතර ඇයගේ සියලු ව්‍යාපාර කටයුතු මාතලේ නගරයෙහි පවත්වාගෙන යයි. 

අනුෂා වෙත්තසිංහ

වර්ෂ 1982 උපත ලැබූ අනූශා වෙත්තසිංහ මහත්මිය තම උසස් පෙළ දක්වා ගලහ බද්‍රාවතී මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර තම අධ්‍යාපන කටයුතු වලින් අනතුරුව සාත්තු සේවා නිළධාරිනියක් ලෙස් විදේශ රටවල් කිහිපයකම සේවයේ නිරත වෙන ලදී. මෙමගින් විශාල ජාත්‍යන්තර සේවා පළපුරුද්දක් තම සේවා කාලය තුල ලබාගත් අතර එම සේවා පළපුරුද්ද පදනම් කර ගනිමින් තම නව ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර වර්තමානයේදී සමාගම් අධ්‍යක්ෂිකාවක් ලෙස සේවය කරනු ලබයි. දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අනූශා වෙත්තසිංහ මහත්මිය සිංහල බෞද්ධාගමිකයෙකු වන අතර කළුතර මග්ගොන ප්‍රදේශයේ පදිංචිව සිටී.

bottom of page