top of page

අප පක්ෂයෙහි ප්‍රධානියා පක්ෂ නායකයා වන අතර, තීන්දු තීරණ ගැනීමේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ගැනීම අනිවාර්ය වේ. පක්ෂය විසින් යම් තීරණයකට එලබීමේදී,කෘත්‍යාධිකාරී මණ්ඩලය තුල ජන්ද විමසීමක් සිදු කර ඒ තුලින් වැඩි ජන්ද ප්‍රමාණයක් හිමි වූ තීරණය ස්ථීර කර ගැනීම අප පක්ෂයේ ප්‍රතිපත්තිය වේ. පක්ෂයට නව සාමාජිකයෙකු බඳවා ගැනීමේ සිට, අප පක්ෂය විසින් යම් දිනක අප රට පාලනය කරන කාලය දක්වා පනවා ඇති නීති රීති අප පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇත. යම් නව සාමාජිකයෙකු අප පක්ෂයට එක් වූ දා සිට දින 14ක් ඇතුලත පක්ෂ ව්‍යවස්ථාව ඔහුට හෝ ඇයට කියවා දැන  ගත හැකි වන අතර, අප පක්ෂයෙහි ප්‍රතිපත්ති ඔහු හෝ ඇය විසින් ප්‍රතික්ෂේප කරන්නේනම්, ඔහු ගේ හෝ ඇයගේ පක්ෂ සාමාජිකත්වය අප පක්ෂය විසින් අහෝසි කරනු ලැබේ. එසේම අප පක්ෂයට එක්වූ යම් නව සාමාජිකයෙකු  පක්ෂ ප්‍රතිපත්ති අනුමත කරන්නේනම් ඔහු හෝ ඇය එදින සිට අප පක්ෂයේ සාමාජිකයෙකු වනු ඇති අතර සාමාජිකත්වය ලබා මාස 03ක් ගත වන තෙක් ඔහු පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු නොවේ. පක්ෂ සාමාජිකත්වය ලබා ගත වන මාස 03ක කාලය තුල අප පක්ෂයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් වලට ඔහු හෝ ඇය දක්වන සහභාගීත්වය මත ක්‍රියාකාරී සාමාජිකත්වය හිමි වේ.සෑම සාමාජිකයෙකු ක්‍රියාකාරී සාමාජිකත්වය ලබාගෙන ඇතිනම්, ඔහු හෝ ඇය MCPP පවුලේ සාමාජිකයෙකු සේ සැලකෙන අතර පක්ෂය විසින් ගෙනයනු ලබන සියලු සංවර්ධන වැඩ සටහන් යටතට ඔහු හෝ ඇය ඇතුලත් වනු ඇත.පක්ෂයෙහි සියලු දැනුම් දීම් පක්ෂ නායකයා විසින් පක්ෂ උප නායකයා හට දැනුම් දුන් පසු පක්ෂ උප නායකයා විසින් ඒවා පක්ෂයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත දැනුම් දෙනු ලැබේ. ඉන්පසු එම දැනුම් දීම් සියල්ල පක්ෂ සාමාජිකයින් දක්වා ගොස් අදාළ ක්‍රියාවන් ක්‍රියාත්මක කෙරේ.

පක්ෂය ආරම්භ කල දිනයේ සිට සෑම මාස හතරකට වරක් පක්ෂයෙහි අතුරු සභාව පක්ෂ නායක, උප නායක, සභාපති,ලේකම්,භාණ්ඩාගාරික සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහභාගීත්වයෙන් රැස් වෙන අතර පක්ෂ මහා සභා රැස්වීම වාර්ෂිකව පක්ෂයෙහි ප්‍රාදේශීය නායකයින් සහ පක්ෂ නායකත්ව මණ්ඩලයේ සහභාගීත්වයෙන් රැස් වේ. පක්ෂයෙහි මහා සභා රැස්වීම පක්ෂ සභාපතිගේ පිළිගැනීමේ කතාවෙන් ආරම්භ වී පසුගිය සභා වාර්තාව සභාවට ඉදිරිපත් කර, අයවැය වාර්තාව ඉදිරිපත් කර,නව ක්‍රියාකාරකම් වලට අදාළ යෝජනා සහ ඉදිරිපත් කිරීම් සභා සම්මත කරගෙන, පක්ෂ නායකගේ හෝ පක්ෂ උප නායකගේ අනුශාසනා කතාව නිමවී, පක්ෂ ලේකම්ගේ ස්තුති කතාවෙන් පසු මහා සභා රැස්වීම අවසාන වේ. ඉන්පසු සියල්ලෝම තේ පැන් සංග්‍රහයකට සහභාගී වන ගමන් සතුටු සාමීචියේ යෙදෙමින් ටික වෙලාවක් ගත කර සතුටින් විසිර යති.

පක්‍ෂ නායක 

ලේකම්

රසික බෝගහවෙල මහතා 

R.M.

චමින්ද සංජීව මහතා

ටෙක්ලා ඩොරීන්

මහත්මිය  

කාංචන වීරසිංහ

මහතා

නිමේෂ් භාග්‍ය

 මහතා

කෘත්‍යාධිකාරී මණ්ඩලය

සුරංග

හෙට්ටිආරච්චි මහතා

 සභාපති

අනුෂා වෙත්තසිංහ මහත්මිය  

චරිත්

සාරංග

මහතා

මේනකා දිල්රුක්ෂි

මහත්මිය

සන්ද්‍යා ජයසේකර මහත්මිය

පක්‍ෂ ව්‍යුහය 

අනුර බණ්ඩාර

මහතා

අනුෂ්කා පෙරේරා 

මහත්මිය

ජගත් කිත්සිරි

මහතා

ක්‍රියාකාරී සාමාජිකයින් 

1.png
1.png
1.png
1.png
1.png
bottom of page